Friday, February 26, 2010

සංඝරාජ හිමිවරයකුගෙ අවශ්‍යතාව

පෙර කළ අපෙ රටතුල සංඝරාජ පදවිය ලෙස පදවියක් පැවතුනි ,බටහිර ජාතින් මෙහි පැමින මුහුදුබඩ කලාපයෙ  බලය අල්ලා  ගන්නාවිටදි පවා එමපදවිය පැවතුනි,පසුකලක එය අහොසිවූ ආකාරය ගැන තොරතුරු අල්පය(දන්නා අයෙක් වේනම් කමෙන්ට් එකක් දාන්න )

මෙය සංඝරාජ පදවියක් අතිකිරීමට සුදුසු කාලයක් බව මාහට හැගෙයි
කිමද වර්තමානයේ අතිවී තිබෙන තත්වයට පිලියමක් ලෙස මා එය දකිනබැවිනි
 අද කාලයේ දෙශපාලන‍ඥයන්ට එල්ලවී අති චොදනාවක් නම් "සංඝරත්නය කියනා දේවල් නොඅසා කටයුතු කිරීම" කියනා කාරනාවයි එම චොදනාවට ඔවුන්ට පමනක් දොස් නගීම වැරදිය,මන්ද ඔවුන් උපදෙස් ගත්යුත්තේ කගෙන්ද,කුමන පාර්ශවයකින්ද යන්න පැහැදිලි නැති වීමයි
මල්වතු පාර්ශවයෙන් උපදෙස් ගතයුතුබව කෙනෙකුට කිවහැක. තවත් කෙනෙකුට එය අස්ගිරි පාර්ශවයෙන් ගතයුතු බව කිවහැක,
තවද නිකාය අනුව අමරපුරනිකායෙන්,සියම් මහා නිකායෙන් හෝ රාමඥ්ඥ නිකායෙන් උපදෙස් ගතයුතුබවද කිවහැක, තවත්කෙනෙකුට අහුව හෙල උරුමේ පාර්ශවයෙන්ද, තවත්කෙනෙකුට "සොවාන් ඵලය" ලබාදෙන සහතික නිකුත්කරනා හිමිනමකගෙන් ලබාගතයුතුබවද අවශ්‍යනම් කිවහැක.
එහෙයින් අසරණවී අති දෙශපාලන‍ඥයන්  කරකියාගත හැක්කක් නැතිව එක් පැත්තකින් හෝ උපදෙස් නොගෙන රිසිසේ කටයුතුකරයි, එහිම ප්‍රතිපලයක් ලෙස අද අපෙ රටේ මහානායක හිමිවරුන්ට සංඝ සමුලුවක්වත් පවත්වීමටත් නොහැකිලෙස ඔවුන් භාදා පමුනුවයි මහනායක හිමිවරුන්ටද "දෙශද්‍රොහී" පට්ටම අලවීමට පසුබට නොවේ.
එහෙයින් රටේ තීන්දු තීරන වලට තරමක හෝ බලපැමක් කලහැකි සංඝ පදවියක් අතිකලයුතුබව මාගේ විස්වාසයයි
තවද අපරට තුල බෞද්ධයන් පමනක් නොව තවත් ආගම් අදහන සැලකියයුතු පිරිසක් සිටිනබවද, ඔවුන්ටද තීන්දු තීරන වලට බලපෑම් කිරීමට සුළු හෝ අයිතියක් ලබාදියයුතුබවද මතක තබාගතයුතුය.

ලංකාවෙ අලුත්ම photography වෙබ්සයිට් එක

ලංකාවෙ photography ගැන උනන්දු අයට පොඩි නිව්ස් එකක්,

මීට ට්ක කලකට ඉස්සර මම පොඩි වෙබ්සයිට් එකක් පටන්ගත්ත http://srilankanphotographs.com කියල ඔගොල්ලොත් විනොදාන්ශයක් හැටියට හරි photography කරනවනම් .මම කැමතියි එකට පොඩි උදව්වක් දෙන්න,ඔයාල ගත්තු පින්තූර එහෙම තියෙනෙවනම් මට පුලුවන් ඒ සයිට් එක හරහා ඒව ප්‍රසිද්ද කරන්න.ඔයාලට කරන්න තියෙන්නෙ එකෙ තියෙන රෙජිස්ටෙර් page එකට ගිහින් රෙජිස්ටර් වෙලා. ඒ පින්තූර E-mail මගින් එවන එක විතරයි.

එම ඡායාරූපවල සම්පූර්ණ අයිතිය ඔබටම පවතින බවද සලකන්න
තව ඔගොල්ලො හදපු wallpaper එහෙම තියෙනවනම් එවත් එවන්න
NB:-මේ සදහා කිසිම ගාස්තුවක් අය නොකෙරෙයි
කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා

Thursday, February 25, 2010

පොඩි අලුත් වැඩක්, බලන්නකො !

මගෙ බ්ලොග් එකෙ තීම් එක පොඩ්ඩක් වෙනස් කරා,බලන්නකො හොදයිද කියල, මෙකත් තිබ්බ පරණ එකම තමයි. ඒක ටිකක් අපෙ විදිහට වෙනස් කරා ,තිබුනෙ සුද්දෙක් හදපු එකක්නෙ, මෙච්චර අපේකම ගැන කථාකරන රටක, මගෙ තීම් එක විතරක් සුද්දෙක්ගෙ එකක් තියන්නෙ මොකටද කියලා හිතුවා (මට ඔය කුමන්ත්‍රනකාරී සුද්දො පේන්න බෑ )
හැබයි,ඒක රතුපාටයි (JVP කියලා හිතන්න එපා),

උඩ තිබෙන පින්තුරෙ තියෙන්නෙ තිබිච්ච සුද්දගෙ එක (තීම් එක )
කොහොමද වැඩේ?

Wednesday, February 24, 2010

"පෙරළියක සිහිනය"


මම මෙ ලගදි කියවපු පොතක් ගැනයි මෙ කතාව,පහල තියෙන පින්තූරෙ තියෙන්නෙ ඒ පොතේ පිට කවරය. පොත ලියල තියෙන්නෙ නිශාන්ත කමලදාස කියල මහත්මයෙක්. අපෙ රටෙ පවතින සමාජය පිලිබද මා කියවා ඇති හොදම විචාරයයි.
බලය එක් කේන්ද්‍රයක් වටා අරීයව පැවතීමේ හානිදායක තත්වය පිලිබද කතුවරයා මනාව පැහැදිලි කරයි`තවද පරිපාලන සේවයේ අක්‍රමවත්බව පිලිබදවද. නව ක්‍රමයක (new system) ඇති අත්‍යවෂ්‍ය තාවයද මැනවින් පෙන්වයි

අප සමාජයේ බොහො ප්‍රශ්න වලට මූලිකම හෙතුවක් ලෙස කතුවරයා දකින්නේ සමාජ ගෝත්‍රවාදයයි. අප කාර්යාලයකට අවශ්‍යතාවයකට ගියවිට එහි අප හදුනන කෙනෙකු සිටියි නම් අපට ඉක්මනින් එම කර්තව්‍ය කරගතහැක,එහිදී ද බලපාන්නේ ගෝත්‍රවාදයයි හිතවතා අපට සලකන්නේ "අපේ එකෙක්" යන හැගීම නිසාය ,එත්න අත්තේ ගෝත්‍ර වාදයයි.
සමාජය ,ජාතීන් වශයෙන්,අගමික වශයෙන් දේශපාලන පක්ශ වශයෙන් ආදියෙන් ,උපරිම ලෙස බෙදී පවතින විට සියලුම අවස්තා වලදී ගෝත්‍රවාදය ඉස්මතුවීම වැලැක්විය නොහැක,එවැනි සමාජයක සාධාරනත්වයද අපට බලාපොරොත්තු විය නොහැක

තවද ලන්කාවෙ සමාජයේ අති ස්ත්‍රීවාදී ලක්ශන පිලිබදවද කතිකාවට ලක්කරයි ,
තරගයට ඇති අකමැත්ත, අවදානම දැරීමේ අකමැත්ත, සැමවිටම අනුකම්පා කිරීම ,දුභලයන් පෙලීම වැනි ලක්ශන දීර්ගව සාකච්චා කරඇත.


මෙමෙ වටිනා ග්‍රන්තය ඔබත් සොයාගෙන පරිශීලනය කරන්න අනිවාර්යෙන් ඔබට ඔබට ඔබගෙ චින්තනයට යම් උත්තේජනයක් ලැබෙනු ඇති.


NB:-ප්‍රකාශනය- කර්තෘ ප්‍රකාශනයකි

මගෙ පළමු සිනමා විචාරය"3 Idiots"


හුගක් කාලෙකින් මට මැච් වෙන විදිහෙ ලස්සන චිත්‍රපටියක් බැලුවා,ඒ තමයි "3 ඊඩියට්ස්"(3 idiots) එක කලාත්මකද? වාණිජ ද කීම ඉතාමත් අපහසුය ,එමනිසා එය මැද මාවතේ සිනමා නිර්මානයක් ලෙස නම්කිරීමට කමත්තෙමි. කළා අධ්‍යක්ශනය සහ පසුතල යොදා ගැනීම අතින් එය අතිශය කලාත්මකයි ,ඉන්දියානු සිනමාව තුල අනිවාර්ය අOගයක් වන ගීත ජවනිකාත් නැතුව නෙමේ.
මෙම චිත්රපටය සමාජය තුල වෙනසක් අපෙක්ශවෙන් ,කරනලද නිර්මානයකි.(විශ්ෂයෙන් සාම්ප්‍රධායික අධ්‍යාපන ක්‍රමය තුල).


විනොද් චොප්රා(Vinod Chopra) ගෙ නිශ්පාදනයක් වන මෙමේ චිත්‍රපටිය රාජ්කුමාර් හිරානිගෙ (Raj kumar Hirani )අධ්‍යක්ශනයකි. පසුගිය දෙසම්බර් මාසයෙ එලිදැක්වුන මෙහි ප්‍රධාන චරිත තුන රගදක්වනුයේ ,බොලිවුඩයේ මහානළු අමීර් ඛාන් (රැන්චො ),මධවන් රන්ගනාදන් (ෆර්හාන්) සහ ෂර්මන් ජොශි (රාජු ) විසිනි

තවද බූමන් ඉරානි (Boman Iraani) මෙහි විශෙෂ රOගනයක යෙදෙයි (වයිරස්),මාගෙ ප්‍රියතම නලුවකුවන ඔහු මෙම චරිත්ය රගපාන බව මා හදුනාගත්තේ චිත්‍රපටිය භාගයක් පමන නරබිමෙන් පසුය, ඒතරම් ප්‍රමානයකට වෙශ නිරූපනය සාර්තකවී ඇත.

“3ඊඩියට්ස්” කියූ සැනින් ඔබ සිත්නු අත්තෙ අනිවාර්යෙන්ම එය හාස්යජනක චිත්‍රපටිය බවයි නමුත් ,එය හාස්ය ජනක ලෙස සමාජය විවෙචනය කරන ,නව සමාජ කතිකාවක් අතිකල සිනමා නිර්මානයකි.ඒබව, එය වානිජමය අතින්ද අතිශය සාර්තක වීම තුලින් කියාපායි.

අපගෙ නායකයින්ට අනුව ඉන්දියාවේ සිටින්නෙ ලOකාවට වඩා අඩු අද්යාපනයක් ඇති බුද්ධිමත් කමින් අඩු ජනතාවක් නිසා , මා සිතුවෙ මෙය සාමාන්ය ආදායමක් ලබාගනු අති බවයි, එහෙත් මාගෙ මතය සම්පුර්නයෙන්ම මෙ වනවිට වැරදි බව ඔප්පු වී අත. එයට හේතුව, එදා මෙදා තුර නිපදවූ සියලුම ඉන්දියානු චිත්‍රපටි අතරින් වඩිම ආදායමක් ඉපයු චිත්‍රපටිය බවට 3 idiots පත්ව අති නිසාය.

මා සිතන පරිදි මෙවැනි චිත්‍රපට ලOකාව තුල වුවද, ඉතාමත් අඩු පිරිවැයකින් නිශ්පාදනයකල හැකිය. එහෙත් අපේ කලා(කුලී) කරුවන් කෝටි ගණන් වියදම් කර සිදුකල “අබා” වැනි නිර්මාණ (නිර්මාණ ද මන්දා ! ) වලින් සමාජයට වුනු සෙතක් නැත ( "අපි හොදින්ම දන්නා කතාවද නිර්මාන කරුවාට අවශය පරිදි විකුර්ති කර, ජාතියෙහි ආරම්භයම අවජාතක බව ඔප්පු කිරීම හැරෙන්න" ). අපගෙ සිනමාව ගොඩගැනීමට අද අපට අවශය සාර්ථක තිර රචනා විනා, කෝටිගනනින් මුදල් වත් ,මහා විශාල තාක්ෂනයවත් නොවෙයි.

මෙවැනි නිර්මාන අතිශය සාර්තක වීම තුලින් ඉන්දියාව ,අති විශාල සමාජීය හා සOස්කෘතික වෙනසකට සූදානම් බව පැහැදිලිය. නමුත් අප ? "අහො ඒ ගැන කතාකිරීමෙන් පලක් නැත"
මෙතනින් ටොරන්ට් එක බා ගන්න

ප:ලි:-- අක්ශර වින්‍යාසය පිලිබද වැරදි නොසලකා හරින ලෙස කරුණාවෙන් ඉල්ලමි