කෙසේ වෙතත්,ශ්‍රී ලංකා ජාතික සංගමය නමින් අලුත් දෙශපාලන සංවිදානයක් මෑතකදී බිහිවීම පැසසිය යුත්තකි (අතයවශ්‍ය කාල වලදී එවැන්නක් නොමති වීම වෙනම කාරණාවකි ).එම සංගමයෙහි සභාපතිත්වය දරන්නේ වත්මන් අධිකරන අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතාය.
ගැටලුව වනුයේ ලංකා ජාතික සංගමය වත්මන් ආන්ඩුවට සහය දැක්වීමත් ,ආන්ඩුවට ඉතා ජනප්‍රිය අවස්ථාවේදී පවා සුලුජාතික ඡන්ද පදනමක් නොතිබීමත්ය.(ජනාධිපතිවරන ප්‍රතිඵලය 2010 )
තවමත් ශ්‍රී ලංකා ජාතික සංගමය සමග එක් රොක්වී ඇත්තේ එ ජා ප යෙන් ආන්ඩුවට පැමිනි සැබෑ පොලිටික් කාරයින් කීප දෙනෙක් පමනි.
තවද ජාතික සංගමයෙහි ප්‍රතිපත්තිවල බොහො කරුනු මහින්ද චින්තන ප්‍රතිපත්තිය සමග සමපාත වනබව පැවසෙයි.මහින්ද චින්තනයද සුලුජාතිකයින්ගෙන් දැඩි ලෙස ප්‍රතික්ශේප වීමද තවත් ගැටලුවකි.කෙසේ වෙතත් ලංකා ජාතික සංගමය නියම ලෙසම ජාතික සංගමයක් වීමටනම් අඩුම තරමේ එයට ප්‍රභල සුලුජාතික දේශපාලන නායකයින් කීප දෙනෙක් හෝ සම්බන්ද කර ගත යුතුය. (ජාතිය යනු සිංහල බෞද්ධ පමනක් නොවන නිසා)
එසේ කල නොහැකිනම් කලයුත්තේ ,කවදා හෝ සැබෑ ජාතික සන්ගමයක් බිහිවනතුරු "ශ්‍රී ලංකා ජාතික සංගමය" යන නාමය ඉතිරිකර තැබීමයි.එවිට ජාතික සමගිය අතිවුනු දිනක අපට ජාතික සංගමය සාදාගත හැක. (එහෙව් දවසක් කවදා නම් උදාවෙයිද )
දිlee 18-03-2010