මම මෙ ලගදි කියවපු පොතක් ගැනයි මෙ කතාව,පහල තියෙන පින්තූරෙ තියෙන්නෙ ඒ පොතේ පිට කවරය. පොත ලියල තියෙන්නෙ නිශාන්ත කමලදාස කියල මහත්මයෙක්. අපෙ රටෙ පවතින සමාජය පිලිබද මා කියවා ඇති හොදම විචාරයයි.

බලය එක් කේන්ද්‍රයක් වටා අරීයව පැවතීමේ හානිදායක තත්වය පිලිබද කතුවරයා මනාව පැහැදිලි කරයි`තවද පරිපාලන සේවයේ අක්‍රමවත්බව පිලිබදවද. නව ක්‍රමයක (new system) ඇති අත්‍යවෂ්‍ය තාවයද මැනවින් පෙන්වයි
අප සමාජයේ බොහො ප්‍රශ්න වලට මූලිකම හෙතුවක් ලෙස කතුවරයා දකින්නේ සමාජ ගෝත්‍රවාදයයි. අප කාර්යාලයකට අවශ්‍යතාවයකට ගියවිට එහි අප හදුනන කෙනෙකු සිටියි නම් අපට ඉක්මනින් එම කර්තව්‍ය කරගතහැක,එහිදී ද බලපාන්නේ ගෝත්‍රවාදයයි හිතවතා අපට සලකන්නේ "අපේ එකෙක්" යන හැගීම නිසාය ,එත්න අත්තේ ගෝත්‍ර වාදයයි.
සමාජය ,ජාතීන් වශයෙන්,අගමික වශයෙන් දේශපාලන පක්ශ වශයෙන් ආදියෙන් ,උපරිම ලෙස බෙදී පවතින විට සියලුම අවස්තා වලදී ගෝත්‍රවාදය ඉස්මතුවීම වැලැක්විය නොහැක,එවැනි සමාජයක සාධාරනත්වයද අපට බලාපොරොත්තු විය නොහැක
තවද ලන්කාවෙ සමාජයේ අති ස්ත්‍රීවාදී ලක්ශන පිලිබදවද කතිකාවට ලක්කරයි ,
තරගයට ඇති අකමැත්ත, අවදානම දැරීමේ අකමැත්ත, සැමවිටම අනුකම්පා කිරීම ,දුභලයන් පෙලීම වැනි ලක්ශන දීර්ගව සාකච්චා කරඇත.
මෙමෙ වටිනා ග්‍රන්තය ඔබත් සොයාගෙන පරිශීලනය කරන්න අනිවාර්යෙන් ඔබට ඔබට ඔබගෙ චින්තනයට යම් උත්තේජනයක් ලැබෙනු ඇති.
NB:-ප්‍රකාශනය- කර්තෘ ප්‍රකාශනයකි
4 comments:
ඒත් මම බැලූවා මොකක්ද මේ"we need a System " කියන්නෙ කියල. දැන් නෙ තේරුනේ මලේ. වයසින් පොඩි වුනාට හොද අදහස් තියනව. දිගටම ලියන්න මලේ
"we need a New System " කීවොත් කොහොමද ?
new කියලා දාවනම් පරන එකක් තියෙන්න එපායැ ,අපිට කිසිම දේකට system නෑ නෙ.
හොදයි හොදයි,,, දිගටම ලියාපංකෝ මල්ලී..
අකුරු ගැනත් චුට්ටක් හිතන්න මීට පස්සේ...
අපි බලනවා ඔන්න, දිගටම...
@ පිස්සා
ඔව් , ඇත්තටම අකුරු ගැන හිතන්න වෙනවා
Post a Comment