Friday, February 26, 2010

සංඝරාජ හිමිවරයකුගෙ අවශ්‍යතාව

පෙර කළ අපෙ රටතුල සංඝරාජ පදවිය ලෙස පදවියක් පැවතුනි ,බටහිර ජාතින් මෙහි පැමින මුහුදුබඩ කලාපයෙ  බලය අල්ලා  ගන්නාවිටදි පවා එමපදවිය පැවතුනි,පසුකලක එය අහොසිවූ ආකාරය ගැන තොරතුරු අල්පය(දන්නා අයෙක් වේනම් කමෙන්ට් එකක් දාන්න )

මෙය සංඝරාජ පදවියක් අතිකිරීමට සුදුසු කාලයක් බව මාහට හැගෙයි
කිමද වර්තමානයේ අතිවී තිබෙන තත්වයට පිලියමක් ලෙස මා එය දකිනබැවිනි
 අද කාලයේ දෙශපාලන‍ඥයන්ට එල්ලවී අති චොදනාවක් නම් "සංඝරත්නය කියනා දේවල් නොඅසා කටයුතු කිරීම" කියනා කාරනාවයි එම චොදනාවට ඔවුන්ට පමනක් දොස් නගීම වැරදිය,මන්ද ඔවුන් උපදෙස් ගත්යුත්තේ කගෙන්ද,කුමන පාර්ශවයකින්ද යන්න පැහැදිලි නැති වීමයි
මල්වතු පාර්ශවයෙන් උපදෙස් ගතයුතුබව කෙනෙකුට කිවහැක. තවත් කෙනෙකුට එය අස්ගිරි පාර්ශවයෙන් ගතයුතු බව කිවහැක,
තවද නිකාය අනුව අමරපුරනිකායෙන්,සියම් මහා නිකායෙන් හෝ රාමඥ්ඥ නිකායෙන් උපදෙස් ගතයුතුබවද කිවහැක, තවත්කෙනෙකුට අහුව හෙල උරුමේ පාර්ශවයෙන්ද, තවත්කෙනෙකුට "සොවාන් ඵලය" ලබාදෙන සහතික නිකුත්කරනා හිමිනමකගෙන් ලබාගතයුතුබවද අවශ්‍යනම් කිවහැක.
එහෙයින් අසරණවී අති දෙශපාලන‍ඥයන්  කරකියාගත හැක්කක් නැතිව එක් පැත්තකින් හෝ උපදෙස් නොගෙන රිසිසේ කටයුතුකරයි, එහිම ප්‍රතිපලයක් ලෙස අද අපෙ රටේ මහානායක හිමිවරුන්ට සංඝ සමුලුවක්වත් පවත්වීමටත් නොහැකිලෙස ඔවුන් භාදා පමුනුවයි මහනායක හිමිවරුන්ටද "දෙශද්‍රොහී" පට්ටම අලවීමට පසුබට නොවේ.
එහෙයින් රටේ තීන්දු තීරන වලට තරමක හෝ බලපැමක් කලහැකි සංඝ පදවියක් අතිකලයුතුබව මාගේ විස්වාසයයි
තවද අපරට තුල බෞද්ධයන් පමනක් නොව තවත් ආගම් අදහන සැලකියයුතු පිරිසක් සිටිනබවද, ඔවුන්ටද තීන්දු තීරන වලට බලපෑම් කිරීමට සුළු හෝ අයිතියක් ලබාදියයුතුබවද මතක තබාගතයුතුය.

4 comments:

ත‍රිඳු said...

අපොයි ඔව් පනින රිලවුන්ට ඉනිමං බැන්ද වගේ හිටියි. සංඝරාජ පට්ටම් නැතුවම ඔය කට්ටිය නටන නාඩගම් මදෑ. තව මොනාටද ?

Anonymous said...

මමත් බුදු දහම අදහන කෙනෙක් . නමුත් හාමුදුරුවන් වහන්සේලා ගැන නම් කිසිම පැහැදීමක් නැහැ. චීවරයට ගරු කරන්න කියල නම් කියනව. ඒත් හාමුදුරුවන්වහන්සේලා දැන් කරන වැඩ දැක්කම සාසනෙත් එපා වෙනව. දේශපාලනයෙන් නම් දැන් ටික ටික උන්වහන්සේලා අයින් වෙනව. මම අකමැතිම අංශ 2 ක් තමයි දේශපාලනය සහ හාමුදුරුවරු ගැන කතා කරන එක. සමහර හාමුදුරුවරු පිරිකරට ඉල්ලන්නේ රීලෝඩ් කාඩි.

දිlee said...

එහෙම අපිට හැම හාමුදුරුවන්ටම චොදනා කරන්න බෑ ,හොද කට්ටිය නැතුව නෙමේ, මම කියන්නෙ සOඝරාජ හිමිනමක් ඉන්න කොට , ඔය එක එක පිස්සු කෙලින වෛතුල්‍ය වාදීන්ව උනත් පාලනය වෙනවනෙ ,ගොඩක් කට්ට්ටිය.හැබැයි ඉතින් ඒ පදවියටත්,හොද උගත් බුද්ධිමත් හිමිනමක් පත්කරගන්න වෙනවා (විශෙෂයෙන් කාටවත් කඩේ නොයන කෙනෙක්)

ත‍රිඳු said...

සංඝරාජ කෙනෙක් පත්වෙනව කියන්නෙ එතනට ඒකාධිපතියෙක් පත් වෙනව කියන එක. ඔය හැම නිකායකම මහ තැන් වල, සංඝ සභාවල පාර්ලිමේන්තුවට වඩා දේශපාලනේ තියෙනව. මම මේ හීරලුවා ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කල දේ කියන්නෙ.