Wednesday, February 24, 2010

මගෙ පළමු සිනමා විචාරය"3 Idiots"


හුගක් කාලෙකින් මට මැච් වෙන විදිහෙ ලස්සන චිත්‍රපටියක් බැලුවා,ඒ තමයි "3 ඊඩියට්ස්"(3 idiots) එක කලාත්මකද? වාණිජ ද කීම ඉතාමත් අපහසුය ,එමනිසා එය මැද මාවතේ සිනමා නිර්මානයක් ලෙස නම්කිරීමට කමත්තෙමි. කළා අධ්‍යක්ශනය සහ පසුතල යොදා ගැනීම අතින් එය අතිශය කලාත්මකයි ,ඉන්දියානු සිනමාව තුල අනිවාර්ය අOගයක් වන ගීත ජවනිකාත් නැතුව නෙමේ.
මෙම චිත්රපටය සමාජය තුල වෙනසක් අපෙක්ශවෙන් ,කරනලද නිර්මානයකි.(විශ්ෂයෙන් සාම්ප්‍රධායික අධ්‍යාපන ක්‍රමය තුල).


විනොද් චොප්රා(Vinod Chopra) ගෙ නිශ්පාදනයක් වන මෙමේ චිත්‍රපටිය රාජ්කුමාර් හිරානිගෙ (Raj kumar Hirani )අධ්‍යක්ශනයකි. පසුගිය දෙසම්බර් මාසයෙ එලිදැක්වුන මෙහි ප්‍රධාන චරිත තුන රගදක්වනුයේ ,බොලිවුඩයේ මහානළු අමීර් ඛාන් (රැන්චො ),මධවන් රන්ගනාදන් (ෆර්හාන්) සහ ෂර්මන් ජොශි (රාජු ) විසිනි

තවද බූමන් ඉරානි (Boman Iraani) මෙහි විශෙෂ රOගනයක යෙදෙයි (වයිරස්),මාගෙ ප්‍රියතම නලුවකුවන ඔහු මෙම චරිත්ය රගපාන බව මා හදුනාගත්තේ චිත්‍රපටිය භාගයක් පමන නරබිමෙන් පසුය, ඒතරම් ප්‍රමානයකට වෙශ නිරූපනය සාර්තකවී ඇත.

“3ඊඩියට්ස්” කියූ සැනින් ඔබ සිත්නු අත්තෙ අනිවාර්යෙන්ම එය හාස්යජනක චිත්‍රපටිය බවයි නමුත් ,එය හාස්ය ජනක ලෙස සමාජය විවෙචනය කරන ,නව සමාජ කතිකාවක් අතිකල සිනමා නිර්මානයකි.ඒබව, එය වානිජමය අතින්ද අතිශය සාර්තක වීම තුලින් කියාපායි.

අපගෙ නායකයින්ට අනුව ඉන්දියාවේ සිටින්නෙ ලOකාවට වඩා අඩු අද්යාපනයක් ඇති බුද්ධිමත් කමින් අඩු ජනතාවක් නිසා , මා සිතුවෙ මෙය සාමාන්ය ආදායමක් ලබාගනු අති බවයි, එහෙත් මාගෙ මතය සම්පුර්නයෙන්ම මෙ වනවිට වැරදි බව ඔප්පු වී අත. එයට හේතුව, එදා මෙදා තුර නිපදවූ සියලුම ඉන්දියානු චිත්‍රපටි අතරින් වඩිම ආදායමක් ඉපයු චිත්‍රපටිය බවට 3 idiots පත්ව අති නිසාය.

මා සිතන පරිදි මෙවැනි චිත්‍රපට ලOකාව තුල වුවද, ඉතාමත් අඩු පිරිවැයකින් නිශ්පාදනයකල හැකිය. එහෙත් අපේ කලා(කුලී) කරුවන් කෝටි ගණන් වියදම් කර සිදුකල “අබා” වැනි නිර්මාණ (නිර්මාණ ද මන්දා ! ) වලින් සමාජයට වුනු සෙතක් නැත ( "අපි හොදින්ම දන්නා කතාවද නිර්මාන කරුවාට අවශය පරිදි විකුර්ති කර, ජාතියෙහි ආරම්භයම අවජාතක බව ඔප්පු කිරීම හැරෙන්න" ). අපගෙ සිනමාව ගොඩගැනීමට අද අපට අවශය සාර්ථක තිර රචනා විනා, කෝටිගනනින් මුදල් වත් ,මහා විශාල තාක්ෂනයවත් නොවෙයි.

මෙවැනි නිර්මාන අතිශය සාර්තක වීම තුලින් ඉන්දියාව ,අති විශාල සමාජීය හා සOස්කෘතික වෙනසකට සූදානම් බව පැහැදිලිය. නමුත් අප ? "අහො ඒ ගැන කතාකිරීමෙන් පලක් නැත"
මෙතනින් ටොරන්ට් එක බා ගන්න

ප:ලි:-- අක්ශර වින්‍යාසය පිලිබද වැරදි නොසලකා හරින ලෙස කරුණාවෙන් ඉල්ලමි

2 comments:

Anonymous said...

සිංහල සිනමාවට වඩා හින්දි සිනමාව ආකර්ශනය වෙන්න ඔබ සදහන් කරන හේතු බොහෝමයක් බලපාල තියනව.

ඒක නෙමෙයි සින්ඩියට apply කළේ නැද්ද.

මට තාම බැරිවුනා චිත්‍රපටිය බලන්න. ‍

Anonymous said...

මේක මුන්නා භායි කරපු සෙට් එකේම තවත් වැඩක්. විහිළුවත් එක්කම අපට ටොක්කකුත් අනින වර්ගයේ එකක්. නියමයි.