Thursday, February 25, 2010

පොඩි අලුත් වැඩක්, බලන්නකො !

මගෙ බ්ලොග් එකෙ තීම් එක පොඩ්ඩක් වෙනස් කරා,බලන්නකො හොදයිද කියල, මෙකත් තිබ්බ පරණ එකම තමයි. ඒක ටිකක් අපෙ විදිහට වෙනස් කරා ,තිබුනෙ සුද්දෙක් හදපු එකක්නෙ, මෙච්චර අපේකම ගැන කථාකරන රටක, මගෙ තීම් එක විතරක් සුද්දෙක්ගෙ එකක් තියන්නෙ මොකටද කියලා හිතුවා (මට ඔය කුමන්ත්‍රනකාරී සුද්දො පේන්න බෑ )
හැබයි,ඒක රතුපාටයි (JVP කියලා හිතන්න එපා),

උඩ තිබෙන පින්තුරෙ තියෙන්නෙ තිබිච්ච සුද්දගෙ එක (තීම් එක )
කොහොමද වැඩේ?

8 comments:

සහන් සටහන් said...

එල එල......... මාත් ඔය තීම් වල මජං වැඩ වලට ලැදි කෙනෙක් හැටියට වැඩේ ඉහලින්ම අගේ කරනවා, ඒත් පොඩි අල කීපයක් පෙන්නුම් කරනවා...
* අකුරුවල ප්‍රමානෙ පොඩ්ඩක් කුඩා කරන්න
* background එකේ පරන නිල් පාටත් මෙරූන් පාටම කලොත් ලස්සනයි (රතුයි නිලුයි කොහොමත් එකට තියන්න අමාරුයිනේ :P )

Raven said...

එල.

සහන් කිවුව වගේ නිල් පාට ටිකක් ගැලපෙන්නෙ නැති ගතියක් පේනව. ඒකත් වෙනස් වුනානම් මරු.

දිlee said...

@ සහන් & Raven
මචන්ල, ගොඩක් ස්තුතියි ! මගෙ මොනිටරෙ Resolution වැඩිකරල තිබුන නිසා නිල්පාට දැක්කෙ නෑ.මාර කට්ටක් කාල ඒක හැදුවෙ "අකුරුත් පොඩ්ඩක් පොඩිකරා ඔන්න"

Raven said...

දැන් නියමයි මචන්!

සහන් සටහන් said...

ඔය තියෙන්නේ දැං නිකං එල කිරි වගේ.......

දිlee said...

tankk you

දේශද්‍රෝහියා said...

හැබැයි තාම පාවිච්චි කරන්නේ කුමන්ත්‍රණකාරී සුද්දා හදපු blogspot. පුකෙනුත් හිනා වෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?

අනිත් එක http://srilankanphotographs.com/ වල කොපියක් එහෙම් පිටින්ම මෙතන දාගෙ ඒ ගැන සද්දයක් වත් නැතුව ඉන්න එක දේශප්‍රේමීකමට එච්චරම සෙට් වෙන්නේ නෑ නේද බොස්?

දිlee said...

@දේශද්‍රෝහියා
මචන් උබ සුද්දට බැනපු එක සිරාවට ගත්තද,
අනික
www.Srilankan photographs,com 100% අයිති මට